සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද කවදත් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සමරනු ලබනවා.

ඒ අනුව, පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් ඊයේ 13 අපරභාග 8.57 සිට අප්‍රේල් 14 එනම් අද 14 දින පූර්වභාග 9.45 දක්වා යෙදී තිබෙනවා.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, අද එනම් අප්‍රේල් 14 වැනි සඳුදා පූර්වභාග 3.21 ටයි.

මෙවර ආහාර පිසීමේ නැකත 14 වැනි සඳුදා පූර්වභාග 4.04 ට යෙදී තිබෙන අතර, තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙනවා.

ඒ වගේම, වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ 14 වැනි සඳුදා පූර්වභාග 6.44 ටයි. මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්වභාග 9.04 ට යෙදී තිබෙන අතර, රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා පූර්වභාග 9.03 ටයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *