කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට සජබයෙන්

සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත්කර තිබෙනවා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවත්, එම ගමන උදෙසා හනීෆා මහතාව ඉදිරිපත් කරන බවත්, ඒ මහතාව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටිනවා.

විශේෂයෙන් ම හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවත්, දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් ඔහු උගතෙක් බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හනීෆා මහතා මීගමුව, අම්පාර හා ශ්‍රී ජයවර්ධනපුර යන රෝහලහි සේවය කළ අයෙකු වන අතර, කැලණිය හා කොළඹ වෛද්‍ය පීඨයන්හි ඉගැන්වීම ද සිදු කරනු ලබනවා.

පවුල් සෞඛ්‍ය විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන හනීෆා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ පවුල් සෞඛ්‍ය විෂය ස්ථාපිත කළ ආරම්භක සාමාජිකයෙකුද වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *