මේ දවස් ටිකට මේ තරම් පැමිණිලි ගොඩක්

පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා සිට මේ දක්වා වූ ගතවුණු කාගට තුළ, මැතිවරණ පැමිණිලි 180 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව එක් පැමිණිල්ලක්ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 179 ක් ද මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙන බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ලද පැමිණිලි 180 අතුරින් පැමිණිලි 133 ක් මේ වන විට විසඳා ඇති බවත්, තවත් පැමිණිලි 47 ක් විසඳීමට කටයුතු කරමින් ඇති බවත්ය.
