මේ ටික දවසට මේ තරම් පුද්ගල මරණ

නොසැලකිළිමත් රිය ධාවනය හේතුවෙන් 2025 වසරේ ගත වු කාලය තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගල මරණ 203 ක් සිදු වී ඇති බව පොලීසිය පවසනවා.
ජනවාරි පළමු දින සිට පෙබරවාරි 07 දක්වා ගත වූ කාලය තුළ සිදුවු මහා මාර්ග අනතුරුවලින් මෙම මරණ සිදුව ඇති බව පොලිස් රථ වාහන පාලන සහ මහමාර්ග අධ්‍යක්ෂ මනෝජ් රනගල මහතා සඳහනා කරනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් රථ වාහන පාලන සහ මහමාර්ග අධ්‍යක්ෂ මනෝජ් රනගල මහතා,
“අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් සිදුවූ මාර්ග අනතුරුවලින් 2024 වසරේදී මාර්ග අනතුරු 1,585ක් සිදුවන විට මියගිය සංඛ්‍යාව 1,667ක්. 2024 වසරේදී අධික වේගයෙන් ධාවනය කරලා රිය අනතුරු වෙනවා 34,224ක්. 2025 ජනවාරි සිට පෙබරවාරි 07 දක්වා අපට වාර්තා වෙනවා මාරක රිය අනතුරු 194ක්, බරපතළ 514ක්, සුළු 880ක්, අලාභ 437ක් ලෙස. මේ සියලුම රිය අනතුරුවල එකතුව 2025 වසරේදී වාර්තා වෙනවා මේ පෙබරවාරි 07 වනදා වන විට. ඉන් මිය ගිය සංඛ්‍යාව වාර්තා වෙනවා 203ක්.”