සමාජ ක‍්‍රියාකාරකයෙක් වන ඩෑන් ප්රියසාද් ජීවිතක්ෂයට

වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද (22) රාත්‍රී 9.10 ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරනු ලබනවා.