වහපු පාරවල් ටිකක් ඇරලා

තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානයයේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙන බව එහි ප්‍රකාශයෙකු සඳහන් කර තිබෙනවා.
මෙම මාර්ග, පසුගිය මාර්තු 01 දින සිට තාවකාලිව වසා දැමීමට පියවර ගත්තේ එම දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන්, යාල ජාතික උද්‍යාන පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ එමගින් එහි පරිසරය පද්ධතියට වන බලපෑම අවම කර ගැනීම සඳහායි.
කෙසේවෙතත් වර්ෂාව හේතුවෙන් අබලන් තත්ත්වයට පත්වීමට හැකියාව ඇති මාර්ග තවදුරටත් වසා තැබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව, අද උදෑසන කාලයේ යාල ජාතික උද්‍යානයට ලැබෙන වර්ෂාපතනය අනුව, මේ තත්ත්වයයේ යම් වෙනසක් සිදුවිය හැකි බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.