බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි දෙයක්

දැඩි කථා බහක් ඇති කල වාහන ආනයනය සඳහා පැවති සීමා කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.
මෙමගින් ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකියාව හිමිවනවා.
ඒ අනුව, නව ගැසට් නිවේදනය පසුගිය අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා.
මේ අතර, ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙන අතර, ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන් වෙනවා.