අද ගාසා තීරයේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමේ කටයුතු ගාසා තීරයේ දී සිදු වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙයට සමගාමීව ඊශ්‍රායල විසින් ද පලස්තීන සිරකරුවන් 369 ක පිරිසක් අද 15 නිදහස් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ වගේම, සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ පලස්තීන සිරකරුවන් 1900 දෙනෙකු හුවමාරු කර ගැනීමට නියමිතව තිබූ අතර, පසුගිය ජනවාරි 19 වනදා සිට ප්‍රාණ ඇපකරුවන් 16 දෙනෙකු සහ පලස්තීන සිරකරුවන් 766 දෙනෙකු මේ වනවිට නිදහස් කර තිබෙනවා.
කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවයටම චෝදනා වී තිබෙන බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, එසේ තිබියදීත් අද දිනයේ නියමිත වේලාවට ප්‍රාණ ඇපකරුකරුවන් දෙදෙනා නිදහස් කිරීමට කටයුතු නොකළහොත් ගාසා තීරයට ප්‍රහාර එල්ලකරන බවට ඊශ්‍රාලය අනතුරු අඟවා තිබෙනවා.