තහනම් පොල් කඩන්න ගිහින් වුණූ දෙයක්

ඊයේ (03) සවස් කාලයේ, කුලියාපිටිය පොලිස් වසමේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා.

වෙඩි ප‍්‍රහාරය, කුලියාපිටිය පොලිස් වසමේ පිටදෙණිය ප්‍රදේශයේදී තෝරපිටිය වත්තේ අනවසරයෙන් පොල් කැඩීම සඳහා ඇතුළුවූ පුද්ගලයෙකුට, එහි මුරකරු විසින් සිදුකර තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

වෙඩිතැබීම සිදුකළ වයස අවුරුදු 41 ක් වන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි සැකකරු, වෙඩිතැබීම සඳහා භාවිතා කළ බෝර 12 පතොරම් තුවක්කුවක්ද සමඟ කුලියාපිටිය පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිඅවිය සඳහා 2025 වර්ෂයට බලපත්‍ර නිකුත් කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *