විනෝදයට ඔරු පදින්න ගිහින් වෙච්ච දෙයක්

කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටී පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ, කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ් නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු සහ මොහොමඩ් හුසයින් නමැති පුද්ගලයින් දෙදෙනෙකි.

මියගොස් ඇති එක් තැනැත්තකු දින දෙකකට පෙර කලපුවේ ඔරු පදිමින් සිටින බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත්, ඉන්පසු තොරතුරක් නොලැබී ඇති බවටත්, අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මල සිරුරක් කළුතර කලපුවේ පාවෙමින් තිබෙන බවට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, පැය තුනකට පමණ පසුව අනෙක් මලසිරුරද හමුව ඇති බවත්, සඳහන් වෙනවා.

එමෙන්ම කළුතර හදිසි මරණ පරීක්ෂක විසින් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *