පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳවයි.

ඒ අනුව, එළැඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදාට යෙදී ඇති බැවින්, පාර්ලිමේන්තු රැස්වීම් මැයි 08 සහ 09 දෙදින පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙන අතර, මෙම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු අප්‍රෙල් පළමු පාර්ලිමේන්තු සතිය තුළ තීරණය කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වෙනවා.

මේ අනුව, අප්‍රේල් මාසයට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි අප්‍රේල් 8, 9 සහ 10 යන තෙදිනයන්හි පැවැත්වීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *