Highway එකේ අද රාත‍්‍රියේ සිට විශේෂ වැඩ පිළිවෙලක්

අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (11) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්.එම්.පි. සූරිය බණ්ඩාර මහතා පවසනවා.

ඒ අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහායි.

පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමත් සමග ආරක්ෂක අමාත්‍යාංශය මගින් මීට වසරකට පෙර එම කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර තිබෙනවා.

මේ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම සහ කොළඹ කටුනායක මාර්ගයන්හී වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

මීට අමතරව, විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගයේ නව කැලණි පාළම, කොළඹ පිටත වටරවුම් මාර්ගයෙහි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපොළ සොරා ගැනීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර, එම දේපොළ ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නියමිතව තිබෙන බවත් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *