දළදා දැක්ම වෙනුවෙන් විශේෂ බස් සේවාවක්

ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ලබන 28 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී පී.එස්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කරනවා.

ඒ අනුව, දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට මහනුවර දක්වා විශේෂ ලංගම බස් සේවා ක්‍රියාත්මක වනවා.

දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාවේදී පෞද්ගලික වාහනවල යන පිරිස් දළදා මාළිගාව සමීපයට රැගෙන යාම සඳහා මහනුවර ස්ථාන 4 ක සිට වටරවුම් බස් සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව, පී.එස්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරනවා.

ලබන 18 වැනිදා පස්වරු 3.30 ට ආරම්භ වන දළදා දැක්ම එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර, අනතුරුව 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළදා දැක්ම පැවැත්වෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *