වෙසක් පොහොය නිසා විශේෂ රාජ්‍ය සමාවක්

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර ගත සිරකරුවන් හට මෙම විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත්තේ, ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුවයි.
ඒ අනුව, එම නියමයන් හා කොන්දේසි ලෙස බන්ධනාගාරගතව දඩුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම, දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම අයත් වෙනවා.
මීට අමතරව, සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම ද එම නියමයන් හා කොන්දේසිවලට ඇතුළත් වෙනවා.
මෙම විශේෂ රාජ්‍ය සමාව සඳහා කාන්තා රැදවියන් 04 ක් හා පිරිමි රැඳවියන් 384 වශයෙන් 388 දෙනෙකුට නිදහස් වීමට සුදුසුකම් ලබා තිබෙන බවත්, එහිදී වැලිකඩ බන්ධනාගාරයෙන් 40, වාරියපොළ බන්ධනාගාරයෙන් 38, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36, මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද හෙට (12) දිනයේ සිරකරුවන් නිදහස් කිරීමට නියමිත බව, බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කරනවා.