කාලගුණෙන් විශේෂ නිවේදනයක්

අද (6) දින රාත්‍රී කාලයේදී, පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැෙගනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් ම බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට දැනුම් දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *