නව මානයකට පිවිසෙන ශ‍්‍රී ලංකාව

GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03 ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙනවා. මේ මගින් රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වා දීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා,
“දැනට රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනවා. අප්‍රේල් වෙනකොට තවත් 30ක් සඳහා අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හරහා ගෙවීමේදී වෙන වියදම රුපියල් 15ක් වගේ ගාස්තුවකට අඩු කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා.”