Pension ගියත් දස්කම් පාන Sri Lanka Masters ලා

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන International Masters League. තරගාවලියේ ඊයේ (10) පැවැති තරගයෙන් England Masters කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කිරීමට Sri Lanka Masters කණ්ඩායම සමත්වී තිබෙනවා.
Shaheed Veer Narayan Singh ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Sri Lanka Masters කණ්ඩායම සමත් වූ අතර, Sri Lanka Masters කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා England Masters කණ්ඩායමට ආරාධනා කිරීමට තීරණය කර තිබෙනවා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් England Masters කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 146ක් රැස්කර ගැනීමට සමත් වුණා. ඒ P Mustard ලකුණු 50 ක් රැස්කිරීමත් සමගයි.
කෙසේ නමුත් ලකුණු 147 ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගිය Sri Lanka Masters කණ්ඩායම, පන්දුවාර 12 යි පන්දු 05 ක් අවසානයේ ලකුණු 150 ක් රැස්කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර පන්දු 47 කදී නොදැවී ලකුණු 106 ක් රැස්කළ අතර, අසේල ගුණරත්න පන්දු 12 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 22 ක් රැස්කිරීමට සමත් වුණා.
