ඉන්දීය අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකික ධීවරයෝ

යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් දෙදෙනෙකු සහ යාත්‍රාවක් ඉන්දීය බලධාරීන් භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
පසුගිය 15 වනදා මොවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ අතර, මේ වනවිට ඔවුන් රාමනාදපුරම් ධීවර වරායේ රැඳීසිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, තමන් අනතුරකට මුහුණ දුන් බවත් පසුව වෙනත් ධීවර යාත්‍රාවකින් ඉන්දියාවේ රාමනාදපුරම් වෙත රැගෙන ආ බවත්, අදාළ ධීවරයින් පවසන අතර, අදාළ ධීවරයින් දෙදෙනා ගමන් කළ යාත්‍රාව තුළ ගංජා පාර්සල් කිහිපයක් තිබී සොයාගැනීමත් සමග ඔවුන් ඉන්දීය බලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් වෙනවා.
මෙලෙස ඉන්දීය බලධාරීන් භාරයට ගෙන තිබෙන්නේ, 46 සහ 54 හැවිරිදි ධීවරයින් දෙදෙනෙකු බව වාර්තා වෙනවා.
