කුවේටයෙන් පිටුවහල් කළ ශ‍්‍රී ලාංකිකයෝ

ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ඇති කරගත් උදර්පන ගිවිසුමක් යටතේ වරදකරුවන් වූ ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, කුවේට් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන ඇති බව වාර්තා වෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් ඇතුළු චෝදනා මත කුවේටයේ දී අත්අඩංගුවට ගෙන, පසුව සිර දඬුවම් නියමව සිට නිදහස් ලැබූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සිරකරුවන් අතර වන බවත්, කුවේටය සමඟ සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම යටතේ ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු අවස්ථා දෙකකදී මෙරටට ගෙන්වා ගෙන ඇතත්, කුවේට් සිරකරුවෙකු මෙතෙක් ශ්‍රී ලංකාවෙන් මාරු කර නොමැති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *