සයිබර් කඳවුරුවලින් මුදාගත් ලාංකිකයින්

මියන්මාරයේ මයාවාඩිහි සයිබර් කඳවුරුවලින් මුදාගත් ලාංකිකයින් 15 දෙනා දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
මියන්මාර – තායිලන්ත දේශ සීමාව හරහා ගමන් කිරීමට තායිලන්තයෙන් අවසර නොලැබීම හේතුවෙන් ඔවුන් මාස දෙකකට ආසන්න කාලයක් රැඳී සිටියේ මියන්මාරයේ තාවකාලික නවාතැන්පොළකයි.
මියන්මාර හා තායිලන්ත තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් පෙරේදා ඔවුන් තායිලන්තයට රැගෙන පැමිණි අතර, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කෙරුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
එම පිරිස දිවයිනට රැගෙන ඒම සඳහා තායිලන්තයේ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේද, සහය ලැබී තිබුණු බව සඳහන් වෙනවා.