රාජ්‍ය වෙසක් මහෝත්සවය – 2025

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. එළඹෙන මැයි මස 10 වනදා සිට 16 වනදා දක්වා එය පැවැත්වීමට නියමිතයි.
” භජේථ මිත්තේ කල්‍යාණේ – කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න” යන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ තේමාව වී තිබෙනවා.
මේ අතර බෞද්ධ ප්‍රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදු කළ යුතු බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.
2025 රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම පිළිබඳ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුමට සමගාමීව තෝරා ගත් විහාරස්ථානවල භෞතික සංවර්ධන කටයුතු සිදුකිරීමටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ අනෙකුත් දහම් පාසල් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීමටත් නියමිත බව වාර්තා වෙනවා.
මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය වෙසක් පුන් පොහෝ දින නුවරඑළියේ දී පැවැත්වීමටයි එහිදී යෝජනා වී තිබෙන බවත් සඳහන් වෙනවා.
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබා දෙමින් සීල භාවනා වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන්, භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, භක්කිගීත හා බොදු ගීත ගායනා වැඩසටහන් සහ පුරාවිද්‍යා ප්‍රදර්ශන ආදියෙන් සමන්විතව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
