අත්අඩංගුවට පත් රැප් ගායකයාගේ තත්වය

පිස්තෝල ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

ශාන් පුතා නැමැත්තාව මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ශාන් පුතා නැමැත්තාගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට පත්වුණා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන විත් රැප් ගායකයාට ලබාදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.

ඊයේ 14 රාත්‍රී 10ට පමණ සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබුණු බව වාර්තා වෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වන්නේ, ගොඩගම ප්‍රදේශයේ පදිංචි අමිල කෞෂාන් ගුණරත්න නොහොත් ශාන් පුතා, රැප් ගායක ශාන් පුතාගේ කළමනාකරු ලෙස කටයුතු ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි කේෂර ඉෂාන්, හෝමාගම පදිංචි 27 හැවිදිරි සැකකාර පොලිස් කොස්තාපල් චන්දික ශ්‍රිමාල් යන අය වෙනවා.

සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසුව මාතර මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, මෙලෙස දින 07 ක රැඳවුම් නියෝග ලබාදී කොටවිල පොලිස් ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *