පාසල් සිසුන් සඳහා හැඳුනුම්පතක් හඳුන්වාදීමට පියවර

පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් හඳුන්වාදීමට උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එය 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අධ්‍යාපන පරිවර්තනය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යන සේවකයින්, දරුවන් සහ පාසල් ඇතුළු සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු දරුවන්ගේ සියලු දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමටයි එහිදී යෝජනා වී තිබෙනවා.
