දැනුම් දෙන්නෙත් නැතුව නතර කරලා

තමන් වෙත කිසිම දැනුම්දීමක් සිදු නොකර ජල සැපයුම අත්හිටුවා ඇති බවට බත්තරමුල්ල, ජයන්තිපුර ජල පාරිභෝගිකයින් දෝදනා කරනවා. මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙන්නේ, පසුගිය සෙනසුරාදා සිටයි.
ඒ හේතුවෙන් සිය දෛනික කටයුතු සිදු කරගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇති බව ඔවුන් සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ, පවතින වියළි කාලගුණත් සමග එලෙස ජල සැපයුම සීමා වී ඇති බවයි. එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සැළසීමට කණ්ඩායමක් යොමුකර ඇති බවත්, එහි සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරනවා.
එතෙක්, එම ප්‍රදේශයට බවුසර් මගින් ජලය බෙදා හරින බව ඔහු සඳහන් කර සිටිනවා.