ලඳු කැළයෙන් හමුවූ අමුතු ගෝනිය

ලඳු කැළෑවක සඟවා තිබූ ටී – 56 ගිණි අවි සඳහා භාවිත කෙරෙන ජීව පතරොම් ගෝනියක් ඊයේ 15 දා හමු වී තිබෙන බව වාර්තා වෙනවා.
මුලතිව්, සිලාවන්න, ඩියෝනගර් ප්‍රදේශයේ තිබියදී මේවා සොයා ගත් බව පොලිසිය පවසන අතර, නාවික හමුදා නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත පොලීසිය සමග ගොස් අදාළ ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී මෙම ජීව පතරොම් නොගය හමු වී තිබෙන බව වාර්තා වෙනවා.
එම ගෝනිය තුළ පතරොම් විශාල ප්‍රමාණයක් ඇති බවට මුලතිව් පොලීසිය විශ්වාස කරන අතර, පතරොම් තොගය මුලතිව් පොලීසිය භාරයට ගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.
