වැටලීම් වලින් හම්බවෙන අමුතු දේවල්

පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඬේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) සිදුකළ විශේෂ වැටලීමකදී ඔ56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2 ක් සොයාගැනීමට සමත්ව තිබෙනවා.
වැලිඔය පොලිස් වසමේ කිරිබ්බන්වැව ප්‍රදේශයේදී මෙම පතොරම් ගැබ සහ අංක තහඩු සොයාගත් බව පොලීසිය පවසනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.