සාර්ථකයිද? අසාර්ථකයිද?

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් (fitch ratings) පවසනවා.
මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් fitch ratings සඳහන් කරනවා.
කෙසේ වෙතත්, මූල්‍ය දැක්ම සඳහා අවදානම් සැලකිය යුතු ලෙස පවතින අතර, මූල්‍ය ඒකාබද්ධතාවයේ වේගය මන්දගාමී කිරීමේ සැලසුම් මධ්‍ය කාලීනව ණය අඩු කිරීමේ අපේක්ෂාවන් මත බර තැබිය හැකි බවද සඳහන් වෙනවා.
එමෙන්ම ඔවුන් පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17 දා ඉදිරිපත් කරන ලද සිය රජයේ පළමු අයවැය කතාවෙහි අයවැය යෝජනා බොහොමයක් 2024 දෙසැම්බර් මාසයේ දී fitch ratings විසින් කරන ලද ඇගයීමේ උපකල්පනවලට අනුකූල බවයි.
එම අවස්ථාවේ දී fitch ratings විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ‘RD’ සිට ‘CCC+’ දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබුණා.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් රාජ්‍ය ආදායම 2023 වසරේ පැවති 11.4% සිට 2025 වසරේ දී 15.1% ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය ගෙන ඇති ඉලක්කය, fitch ratings විසින් 2026 වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇති ඉලක්ක ගත 15% සීමාව කලින්ම ඉක්මවා යාමක් වෙනවා.
අයවැයට ආනයන/අපනයන වෙළෙඳාම් හරහා ලැබෙන ආදායමේ 36.5% ක වැඩිවීමක් හා ආදායම් බදුවලින් ලැබෙන ආදායමේ 13.1% ක වැඩිවීමක් ඇතුළත් බව fitch ratings සඳහන් කරනවා.
දැනටමත් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කර ඇති ආදායම් ඉහළ නැංවීමේ පියවරයන් සැලකිල්ලට ගෙන රජයට සිය ආදායම් ඉලක්ක සපුරා ගනු හැකි වන බවට තමන් විශ්වාස කරනු ලබන බව මේ සම්බන්ධයන් වැඩිදුරටත් fitch ratings සඳහන් කරනවා.