ටෝකියෝ යන්න සෘජුවම අවස්ථාව ලබාගත් සුමේධ

හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (09) සමත්වී තිබෙනවා.

දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු මෙම දක්ෂතාව දැක්වා තිබෙනවා. එහිදී සුමේද මීටර 85.78 ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ බව සඳහන් වෙනවා.

ඔහු විසින් බිදහෙලනු ලැබුවේ 2024 වසරේදී රුමේෂ් තරංග මීටර් 85.45 ක දක්ෂතාවක් දක්වා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.

මේ අතර සුමේධ රණසිංහ අද දැක්වූ දක්ෂතාවයත් සමග ඔහු එළැඹෙන සැප්තැම්බර් මස ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට ඍජුව සුදුසුකම් ලබා ගත් බව වාර්තා වෙනවා.

ඔහු ලෝක මලල ක්‍රීඩා සම්මේලනය 2019 වසරේදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව, ඒ සදහා ඍජුව සුදුසුකම් ලැබූ ⁣පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්වීම විශේෂත්වයක් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *