අභිරහස් ලෙස මියගිය සුපිරි නළු යුවල

ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොවුන් දෙදෙනා මියගොස් සිටියදී ඔවුන් ගේ මළ සිරුරු, අමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ සැන්ටාෆේ හි ඔවුන්ගේ නිවසේදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මියයන විට ජීන් හැක්මන් 95 හැවිරිදි වියෙහි පසු වූ අතර ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා 63 වැනි වියෙහි පසුවී තිබෙනවා.

ජීන් හැක්මන්, දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සිය වෘත්තීය ජීවිතය තුළ ඇකඩමි සම්මාන දෙකක්, බැෆ්ටා සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *