ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරු කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින්, මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව, මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

2025-02-19 වන දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *