අනුරාධපුර රෝහල් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දීයි.

සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බව ඊයේ (11) දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර, ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබෙනවා.

අද උදෑසන පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද සැකකරු අත්අඩංගුවට ගත් බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, මේ වන විට අදාළ සැකකරුගේ අනන්‍යතාවයද තහවුරු වී තිබෙන බව වාර්තා වෙනවා.

කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම, 34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබෙනවා.

සැකකරු යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර, සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *