මාධ්‍යවේදියාගේ පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවන්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ 01 දිනයේ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක් බව පොලීසිය පවසනවා.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබූ අතර, සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *