අත්හිටවූ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද 07 දෛනික ගනුදෙනු පෙරවරු 9.51 ට විනාඩි 30 ක කාලයක් සඳහා අත්හිටුවා තිබූ බව වාර්තා වෙනවා.

ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45 කින් පහළ ගොස් ඒකක 4,292.90 ක් ලෙසින් වාර්තා වී තිබුණු බව සඳහන් වෙනවා.

එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 5.30% ක හා 4.16% ක පහළ යාමක් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *