කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයෙන් හමුවූ රත්තරං T – 56

කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T-56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

පොලීසිය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ගිනි අවිය පොලිස් භාරයට ගත් බවයි.

කාන්තාවක් විසින් හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ තම නිවසට T-56 ගිනි අවියක් රැගෙන යන බව දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු මේ බව පොලීසියට දන්වා ඇති අතර, ඉන් අනතුරුව වැල්ලවත්ත පොලීසිය මෙම ස්ථානයට පැමිණ නිවස පරීක්ෂා කර ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලවත්ත පොලිසිය විසින් ආරම්භ කර තිබෙන අතර, අදාළ කාන්තාව 67 වැනි වියේ පසුවන්නියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා.

මෙම කාන්තාවගේ මෝටර් රථයේ පිටුපස දොර විවෘත කර තිබියදී එහි බෑගයක් තුළ රන් ආලේපිත ගිනිඅවියක් තිබෙන බව දුටු නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙක් ඒ බව පොලීසියට දැනුම්දී තිබුණා.

කෙසේ වෙතත්, මෙම ගිනි අවිය සැබෑ එකක් ද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව පොලීසිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *