අවස්ථාවක් ලැබුණු ගමන් ගන්න වාසි

අද මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර කිහිපයක මිල ඉහළ දමන බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා.

මෙම් තීරුණයට හේතුව ලෙස ඔහු දක්වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ 17 ඉදිරිපත් කළ 2025 වර්ෂය සඳහා වන අය වැය මගින් ආපනශාලා හිමියන් වෙත කිසිඳු සහනයක් නොලැබීමයි.

ඒ අනුව, ප්ලේන්ටියක මිල රුපියල් 05 කින්, කිරි තේ එකක මිල රුපියල් 20 කින්, කොත්තු සහ රයිස් එකක මිල රුපියල් 30 කින් සහ ෂෝට්ඊට්ස් හි මිල රුපියල් 20 කින් මිල ඉහළ දමන බව සදහන් කරන අතර, මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 200 – 250 ත් අතර වන බවත්, ලුණු පැකට්ටුවේ මිල රුපියල් 20 කින් පමණ ද සහල් කිලෝවක් රුපියල් 250 – 280 ත් අතර මිලක පවතින බැවින් මෙම තීරණය ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *