කොහේ වුණත් Tattoo තියෙනව නම් අවසර නැහැ

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසනවා.
ශරීරයේ ටැටූ ගසා ඇති පුද්ගලයෙකු පශ්චාත් උපාධිය අවසන් කර ත්‍රිවිධ හමුදාවක රැකියාව කිරීමට බලාපොරොත්තු වුවත් ඔහුට එම අවස්ථාව නොලැබී යන බව ඔහු පවසා සිටිනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා,
“ශරීරයේ ලොකුම අවයවය හම ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇගේ පච්චයක් කොටලා තිබුණොත් ලංකාවේ පොලීසියේ රස්සාවකට ගන්නේ නැහැ. ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇඟේ ටැටූ එකක් තිබුණොත් කිසිම ත්‍රිවිධ හමුදාවකට ගන්නේ නැහැ ඇයි? ශරීරයේ ලොකුම අවයවය හම. ඒ හම විනාශ කරගන්නවා කියන්නේ හොඳ වැඩක් නෙවෙයි. ඒ ගැන හොයන්න වෙනවා.”
