13 ගැන කියන්න එයා එනකල් බලන් ඉන්නේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසනවා.
අද (13) යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ වැඩ බලන සභාපති සි.වි.කේ ශිවඥා නම් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.
එළඹෙන අප්‍රේල් මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කිරීමට නියමිත අතර, එහිදී ඔහු හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව වැඩ බලන සභාපතිවරයා එහිදී පවසා තිබෙනවා.
ඒ අනුව, ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති බවට බලාපොරොත්තු වන බව සඳහන් කළ වැඩ බලන සභාපතිවරයා එහිදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කරන බව කියා තිබෙනවා.
විශේෂයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන බව ශිවඥානම් මහතා පවසා තිබෙනවා.
