කෙලින්ම කියන්න මොකක්ද වෙන්න ඕනි

රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරනවා නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

අදාළ නිල නිවස මහින්ද රාජපක්ෂ මහතා වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය නම් නිල දැනුම්දීමක් සිදුකළ යුතු බව අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා තිබෙනවා.

ඒ ආකාරයේ දැනුම්දීමක් සිදුකරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතා සුළු මොහොතක් හෝ එහි රැඳී නොසිටින බවත්, තැන තැන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොමැති බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පවසනවා.

නිල නිවාසය භාරදීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජනය සම්බන්ධයෙන් වූ වගකීම රජයක් ලෙස පවතින ආණ්ඩුව භාරගත යුතු බවත්, ඔහු සඳහන් කරනවා.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ නිල නිවස භාර දුන්නේ නිල වශයෙන්, එතුමා එය භාර ගත්තෙත් නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවසක් ඔබතුමන්ලාට අවශ්‍ය නම්, නිල වශයෙන් දැනුම්දීමක් කරන්න එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නනේ නැහැ. එතුමා වාහම ඉවත් වෙලා යනවා. නමුත් ඔබතුමන්ලා හදන්නේ ළිඳ ළඟ සංගමය වගේ තැන් තැන්වල කියව, කියවා එතුමාව ලැජ්ජාවට පත්කරලා මහින්ද රාජපක්ෂ මහතා එතනින් එළියට බස්සන්න නම් ඒ වැරැද්ද ඔබතුමන්ලාට කරන්න දෙන්නේ නැහැ.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *