දැකලා පුරුදුයි වගේ නම් පොලීසියට කියන්න

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී මෙම වෙඩි තැබීම සිදුවූ අතර, ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ගිනිඅවිය රැගෙන විත් ඇත්තේ මෙම සැකකාරිය බව හෙළි වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් පසු සැකකාරිය පලාගොස් ඇති නමුත් මේ වන තෙක් ඇය සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, එම සැකකාරිය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.

සැකකාරිය සම්බන්ධ තොරතුරු සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.

නම – පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි
වයස – අවුරුදු 25
ජා.හැ.අ. – 995892480ඩ
ලිපිනය – 243රැ01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම.

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දුරකථන අංක,
071 – 8591727 – අධ්‍යක්ෂල කොළඹ අපරාධ කොට්ඨාසය
071 – 8591735 ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය

මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙන අතර, තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *