ටියුෂන් මේ තරම් කලාවක් වුණේ ඒ නිසයි

ලංකාවේ සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය ඒ බව ප්‍රකාශ කළේ, අද (15) යාපනය හින්දු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“රජයක් විදිහට අපි අධ්‍යාපනයට ප්‍රධාන තැනක් ලබා දෙනවා. අධ්‍යාපනය තුළ පරිවර්තනීය වෙනසක් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. විදුහල්පතිවරයා කිව්ව විදිහට මේ වන විට ටියුෂන් පන්ති වර්ධනය වෙලා තියෙනවා. අපි හැමෝම දන්නවා ටියුෂන් කර්මාන්තය ප්‍රවර්ධනය වෙලා තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථක වීම නිසා. ටියුෂන් පන්ති අඩුකරන්න නම් අපේ දරුවන්ට විශිෂ්ඨ අධ්‍යාපනයක් පාසල තුළින් ලබා දිය යුතුයි. යාපනයේ හින්දු විද්‍යාලයට විතරක් නෙවෙයි ලංකාවේ හැම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමටයි අපට අවශ්‍ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම ගැන ඔබ ඇතුළු උතුරු පළාතේ අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් සමග අපි සාකච්ඡා කළා. අපේ වගකීම වන්නේ හොඳ අධ්‍යාපනයක් මගින් මේ සමාජයට ගුණගරුක, ආචාරශීලී හොඳ නායකත්වයක් බිහි කිරීමයි ”
