ගින්නට ඇත්තම හේතුව ඒකයි

කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන “ක්‍රිෂ්” ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී “ක්‍රිෂ්” ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම මෙම ගිනිගැනීමට ප්‍රධාන හේතුව බවත්, නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී තිබෙන බවත් සඳහන් වෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවා තිබෙන බව සඳහන් වෙනවා.

“ක්‍රිෂ්” ගොඩනැගිල්ලේ 35 වන මහල පෙරේදා (06) ගිනිගත් අතර, පසුව ඊයේ (07) 24 වන මහලේ ද ගින්නක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 3 බැගින් රථ 6 ක් අවස්ථා දෙකේදීම යොදාගැනීමට ගිනිනිවන දෙපාර්තමේන්තුවට සිදුවූ බව සඳහන් වෙනවා.

මේ අතර (ක්‍රිෂ්) ගොඩනැගිල්ලේ ආරක්ෂාව මේ වනවිට තරකර ඇති අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් 20 ක ගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *