වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නේ ඒ නිසයි

මෙරට වාර්ෂිකව සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83% ක් බෝනොවන රෝග හේතුවෙන් සිදුවන මරණ බව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

සෞඛ්‍ය දත්තවලට අනුව වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ගෙන් 35% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ අතරින් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂික ව 60,000 කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන අතර, ඉන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මියයාමට හෝ ආබාධිත තත්ත්වයන්ට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.

එමෙන්ම මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20% ක් දියවැඩියාවෙන් පෙළෙන අතර, ඒ අතරින් 41% ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණූ අනාවරණය කළේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *