11 දෙනෙකුට මරු කැඳවූ ප‍්‍රහාරය

යුක්‍රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටක් සහ පරිපාලනස ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව යුක්‍රේන හදිසි සේවා වාර්තා කරනවා.
නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ නගරයක් වන ඩොබ්‍රොපිලියා වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මෙම නගර රුසියානු පරිපාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් පිහිටා තිබෙනවා.
