ඕස්ට්‍රේලියානු ජනතාව ලොකු අර්බුදයක

නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික සන්ධානය විසින් ජයග්‍රාහි අවියක් කරගෙන සිටින බව එම මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් දැනටමත් පීඩාවට පත්වී සිටින අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු හේතුවෙන් මේ වන විටත් ඕස්ට්‍රේලියානුවන්ට අර්බුධකාරි තත්ත්වයක් උද්ගතවී ඇති බව සදහන් වෙනවා.
ඉදිරියට පැවත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණය ඕස්ට්‍රේලියානු පවතින රජයට මෙවර ජයග්‍රහණය පහසු නොවන බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.