අවබෝධතා ගිවිසුමෙන් අපිට ලැබුණූ වාසිය

ශ්‍රී ලාංකිකයින් 6,160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙනවා. එම අවස්ථාව හිමිව තිබෙන්නේ, ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුවයි.
එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකික තරුණයින් 1,082 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බව සඳහන් වෙනවා.
මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 41 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ 10 කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම පිරිස ඊයේ දිනම ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව සඳහන් වෙනවා.
එසේම තවත් 177 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
