පළමු කැබිනට් හමුවට ආරාධනා ලැබූ හොඳම මිතුරා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම සඳහා ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් ද සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල රැස්වීම මෙය වන අතරල මෙය ධවල මන්දිරයේ අද 26 පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය ධුරයක් නොමැති වුවද එම රැස්වීම සඳහා එලොන් මස්ක් සහභාගිවීම විශේෂත්වයක් වෙනවා.

“ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස” එලොන් මස්ක් පත්කර තිබීම හේතුවෙන් ඔහු මෙම රැස්වීම සඳහා එක්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *