පුද්ගලයින් 11 කට මරු කැඳවූ බෝම්ම්බ පිපිරීම

පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව විවිදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ, පතල්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි රථයක් ඉලක්ක කරගෙනයි.
නිරිතදිග පාකිස්තානයේ, බලුකිස්තාන්හි ඊයේ 14 සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව එම මාධ්‍ය සඳහන් කරනවා.
බලුකිස්තානයෙන් නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාර පිළිබදව වාර්තා වන අතර, එම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම කලාපයේ වඩාත් සක්‍රීය බලුකිස්තාන විමුක්ති හමුදාවටයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බව සඳහන් වෙනවා.