පූකුඩු කන්නාගේ සහෝදරයා

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් ,පූකුඩු කන්නා, නැමැත්තාගේ සහෝදරයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අද (13) පෙරවරුවේ ඉන්දියාවේ සිට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙනවා.

බාලචන්ද්‍රන් ගජේන්ද්‍රන් නමැති 36 හැවිරිදි මෙම සැකකරු, කොළඹ 10 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසන අතර, සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *