උඩමළුවෙදී ගිනිගත් බස්රිය

අද (22) අලුයම බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන පුවතක් වාර්තා වෙනවා.

අද අලුයම් කාලයේ උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණි පිරිසක් මෙම විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන තිබෙන අතර, ඔවුන් පැමිණි බස් රථයේ මෙලෙස ගින්නක් හටගෙන ඇති බව සඳහන් වෙනවා.

එම බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්නට හසුවී මෙලෙස මියගොස් ඇති බවට අනාවරණය වූ බවද පොලීසිය පවසන අතර, මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්වී ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇත තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන උඩමළුව පොලිසිය සිදුකරනු ලබයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *