හදිසි අනතුරකට ලක් වූ බස් රථය

අද (17) පෙරවරුවේ, නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි, පසුව වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරච්චිකට්ටුව පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *